ජනපති කරන්නේ ලොරියේ බුදුසරණයි ගසාගෙන හොර හරක් ඇදීමක්ද? – ඩලස් අලහප්පෙරුම අසයි

59

ජනාධිපතිවරයා සියලු දෙනාට එකතු වෙන්න කථා කළත් එකතුවී කරන්නේ කුමක්ද යන්න කියන්නේ නැතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (8දා) පැවසීය.

සාමකාමී උද්ඝෝෂණවලට පහරදිදී විපක්‍ෂයේ අයට එකතුවෙන්න කියමින් විරුද්ධ පක්‍ෂ මර්දනය කිරීමක් සිදුකරන බවද අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභා කාර්යාලයේදී ඊයේ (8 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ජනාධිපතිවරයා කරන්නේ කටින් බතල සිටුවීමක් වැනි දෙයක් බවත්, එය තවත් විදියකට කියනවා නම් ලොරියේ බුදුසරණයි කියලා ගහගෙන හොර හරක් ඇදීමක් වගේ වැඩක් බවද හෙතෙම කීය.

ඉදිරියේ දී නව පනත් එන බවත් ත්‍රස්තවාදී පනත භයානක බවද ඒ මහතා කීය. ජනාධිපතිවරයා කළේ ආණ්ඩු විරෝධීන් බෙදීමක් බවත් අපිත් ඒ උගුලට හසුවූ බවත් ඔහු කීය. අපිත් උත්සාහ කළේ සියලු පක්‍ෂ එකතු කරන්න වුවත් අලුත් සන්ධානය පිළිබඳව හා තනතුරු පිළිබඳ ගැටුම් නිසා අපේ කණ්ඩායම බෙදුණු බවද ඔහු කීය.

රටේ වගේම අපේ පාර්ලිමේන්තුව තුළත් අවලෝකේතීශ්වරලා සිටින බවත් ඒක ලෙඩක් බවත් ඔහු කීය. එයාලා හිතනවා මම තමයි ජනාධිපති වෙන්න ඕන, මම තමයි ඔක්කොම දන්නෙ කියලා. ඒ නිසා ප්‍රශ්න මතුවූ බවද ඔහු කීය. නිදහස ජනතා සභාවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment