සැඩ පහරට හසුව පුද්ගලයෙක් මරුට

208


මාතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පස්ගොඩ ආදොළුව ප්‍රදේශයේදී සැඩ පහරට හසුවීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.මේ අතර නිල්වලා ගග සහ කිරම ආර පිටාර ගැලීමෙන් මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු වලට බාධා ඇති වී තිබේ.
නිල්වලා ගග පිටාර ගැලීම නිසා ඊයේ රාත්‍රී වන විට අකුරැස්ස දෙනියාය පාර මොරවක පෝරුපිටිය සහ වරල්ල යන ප්‍රදේශවලින්ද මොරවක නෙළුව පාර මොරවක සහ කොඩිකාරගොඩ යන ප්‍රදේශවලින්ද අකුරැස්ස කඹුරුපිටිය පාර හෝදුගොඩ ප්‍රදේශයෙන්ද අකුරැස්ස සියඹලාගොඩ පාර පානදුගම ප්‍රදේශයෙන්ද අකුරැස්ස කද්දුව පාර බලකාවල සහ කද්දුව ප්‍රදේශවලින්ද ජලයෙන් යටවී තිබිණි
කිරම ආර පිටාර ගැලීම නිසා හක්මන දෙයියන්දර පාර ඕවිලාන බෝක්කුව අසලින් සහ දෙයියන්දර පිරවුම්හල අසලින්ද කඹුරුපිටිය මුලටියන පාර මාකදුර ප්‍රදේශයෙන්ද ජලයෙන් යටව තිබිණි ඉහල ප්‍රදේශවල ජලය බැස යන විට අතුරලිය මාලිම්බඩ තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශවලට ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment