GT ට සුපිරි පන්දු වාරයේදී ජය

118

ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ගෝල් ටයිටෑන්ස් (GT) සහ දඹුල්ල ඕරා (DBA) තරගයේ දී සුපිරි පන්දු වාරයේ ජය GT ට හිමි විය.එහිදී DBA එක් කඩුල්ලක් දැවී ලකුණු 09ක් ලබා ගත් අතර GT කිසිවකුත් නොදැවී ලකුණු 11ක් ලබා ගැනීමට සමත් විය.පන්දුවාර 20 අවසානයේ දී කණ්ඩායම් දෙකම ලකුණු 180 බැගින් ලබා ගෙන සම වීම නිසා මෙලෙස සුපිරි පන්දු වාරයක් ලබා දුනි.පළමුව පන්දුවට පහරදුන් GT සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 180ක් ලබා ගැනීමට සමත් විය.DBA සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment