දකුණු පළාතට අද ශෝක දිනයක්

41

දකුණු පළාත තුළ අද (මාර්තු 01 දා) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඊයේ (29 දා) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

හිටපු අමාත්‍යවරයෙක් වූ රොනී ද මැල් මහතාගේ අභාවය වෙනුවෙන් එම ශෝක දිනය ප්‍රකාශයට පත්කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් 1977 දී පාර්ලිමේන්තුවට පත්වූ මැල් මහතා, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවට නිදහස් වෙළෙඳ ආර්ථිකයක් හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් කළ බවත්, රුහුණ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ දී පුරෝගාමීත්වය ගෙන කටයුතු කළ අයෙක් බවද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

බද්දේගම – ඕෂධ කමලනාථ

advertistmentadvertistment
advertistmentadvertistment