ඕස්ටේ්‍රලියාවේ වෙසක්

118

ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර ඩැන්ඩිනොන් ධම්මදීප භාවනා බෞද්ධ මධ්‍යස්ථානය අද එරට වැසියන් මෙන්ම බෞද්ධ ජනතාවගේ ප්‍රසිද්ධ පූජනීය ස්ථානයක් බවට පත්ව තිබේ. අකරවිට සංඝානන්ද නාහිමිපාණන් විසින් එම පූජනීය ස්ථානය හරහා බොදුනුවන්ට දෙන ආගමික මග පෙන්වීම ඉමහත්ය.

උපාලි විජේවර්ධන හා දයා විජේවර්ධන දම්මපතීන්ගේ ආරාධනාවෙන් වැඩම කර ඇති මහා සංඝරත්නය ප්‍රධාන කොටගෙන දහම් අධ්‍යාපනය මෙන්ම මෙරට අඩු ආදායම් ලාභී දරුවන්ට උපකාර කිරීම්ද සිදුකරනු ලබති. මීට අමතරව මෙල්බර්න් නුවරට ආසන්න ‘පැකනම්’ ප්‍රදේශයේද නව භාවනා මධ්‍යස්ථානයක්ද එම ස්ථානය මුල්කොටගෙන පිහිටුවනු ලැබූ බව සංඝානන්ද නාහිමියෝ පැවසූහ. ඉකුත් වෙසක් පොහොයටද එහි පිංකම් රාශියක් පැවති අතර එරට සිටින අපේ රටේ ජනතාව විශාල පිරිසක්ද ඊට මහත් බැතියකින් එක්වූහ.

සටහන හා ඡායාරූප – ධර්මසේන වැලිපිටිය මෙල්බර්න් නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment