ඉන්ධන පිරවුම්හළේ පොම්ප ක්‍රියාකරු උස්සා පොළොවේ ගැසූ දෙදෙනා රිමාණ්ඩ්

217


මීගොඩ ඉන්ධන පිරවුම්හළකට කඩා වැදී එහි පොම්ප ක්‍රියාකරුවෙකු උස්සා පොළොවේ ගැසීමේ සිද්ධියට අදාළ ව සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයින් දෙදෙනෙකු අද හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස 18 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කළාය.
එදිනට සැකකරුවන්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහාද ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සැකකරුවන් ඉන්ධන පිරවුම්හළේ පොම්පකරුවෙකුට පහරදීම සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 9 මිලි ග්‍රෑම් 500 ක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මීගොඩ පොලීසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment