එංගලන්තය නවසීලන්තය පරදවයි

101

මෙවර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පරාජය නවසීලන්තයට උරුම කර දෙමින් ඊයේ ගැබා හි පැවති තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

එම ජයග්‍රහණයත් සමග පළමු කාණ්ඩයේ දෙවෙනි ස්ථානය කරා ඉහළ නැගීමට එංගලන්තයට හැකි වූ අතර එම ජයග්‍රහණය ඔවුන් මෙම තරඟාවලියේ ලද දෙවැනි ජයග්‍රහණය විය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 179 ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159ක් පමණි. ජයග්‍රාහි එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ එංගලන්ත නායක ජොස් බට්ලර් ලකුණු 73ක් ලබා ගත් අතර එම දක්ෂතාව හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය. නවසීලන්තයට ද බලාපොරොත්තු ඇති කරමින් පන්දු 36කදී වේගවත් ලකුණු 62ක් රැස්කිරීමට ග්ලේන් පිලිප්ස් සමත් වූවද ඔහු දැවී යෑමෙන් පසු නවසීලන්තයට ජයග්‍රහණය කරා යෑමට නොහැකි විය.

advertistmentadvertistment
advertistmentadvertistment