හොරට වැට් ගැහුවොත් නීතිය තදින් සියඹලාපිටිය

70

වැට් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනයාට ව්‍යාජ ලෙස සකස් කළ බිල්පත් ඉදිරිපත් කර අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාවට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙසේ ව්‍යාජ ලෙස වැට් බිල්පත් සකස් කර අයුතු ලාභ ලැබීම නැවැත්වීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කියා සිටියේය.

මෙසේ මහජනයාගෙන් වැට් බදු අයකර එම බදු මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොදෙන්නේ නම් ඒ අයට එරෙහිව වැට් බදු පනතට අනුව ක්‍රියාමාර්ග ගන්නා බවත්, වැට් බදු ගෙවීමට සුදුසුකම් ලබන ව්‍යාපාර

හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන බලපත්‍රය අනිවාර්යයෙන්ම තම වෙළෙඳසල්වල ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා තවදුරටත් පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment