බෝ නොවන රෝග නිසා වසරකට මරණ 120,000 ක්

66

බෝ නොවන රෝගවලින් වසරකට මෙරට ජනගහනයෙන් එක්ලක්ෂ විසිදහසක පමණ පිරිසක් මරණයට පත්වන බව බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාවේදී අනාවරණය විය.

මෙම රෝග අතර දුම්කොළ භාවිතය, සෞඛ්‍ය සම්පන්න නොවන මත්පැන් භාවිතය, තරබාරුකම, අධි රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලොස්ටරෝල් මට්ටම ප්‍රධාන වෙයි.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පාසල් ආපනශාලා මෙන්ම අනෙකුත් ආපනශාලා තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර අලෙවි කිරීම, පාසල් දරුවන් ශාරීරික ක්‍රියාකාරකම්වලට යොමු කිරීම කෙරෙහි ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇත.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 10 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති බෝ නොවන රෝග පිළිබඳ ජාතික සභාවේදී මෙම තොරතුරු අනාවරණය විය.

මෙහිදී ශ්‍රී ලංකාවේ නිධන්ගත බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන සංශෝධිත ජාතික ප්‍රතිපත්තිය සහ උපාය මාර්ගික රාමුව (2023 – 2033) නිධන්ගත බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වන ජාතික බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම (2023 -2027) සහ බෝ නොවන රෝග අවදානම් සාධක සමීක්‍ෂණ 2021 වාර්තාවද එළි දැක්විණි.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment