‘කිංබානට්’ හරිත් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

4630

ප්‍රවීන මාධ්‍යවේදියකු සහ දැන්වීම් නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කළ හරිත් ගුණවර්ධන මහතා ඊයේ (28දා) උදෑසන අභාවප්‍රාප්ත විය.

කලක් ‘දිවයින’ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඔහු ‘දිවයින ඉරිදා සංග්‍රහයෙහි’ අතිශය ජනප්‍රියත්වයට පත් ‘කිං බානට්’ නමැති තීරු ලිපියේ රචකයා ද විය.

ඔහු විසින් රචනා කළ තවත් ජනප්‍රිය තීරු ලිපියක් වූයේ ‘ඕල්වේස් බ්‍රේක්ඩවුන්’ ය. පසුව එය ඇසුරින් ඔහු රූපවාහිනියට ප්‍රහසන දේශපාලන වැඩසටහනක් ද නිර්මාණය කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ගෞරව උපාධිධාරියකු ද වේ. 55 හැවිරිදි වියේ පසුවූ හරිත් ගුණවර්ධන මහතා මියයන විට ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් සැලසිනේ ආයතනයේ සභාපතිවරයා ලෙස සේවය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment