‘හෙළ රටාවට ඉවුම් පිහුම්’ කර්තෘත්වය පබිලිස් සිල්වාට

121

ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වාගේ “හෙළ රටාවට ඉවුම් පිහුම්” ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමිවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අදාළ ප්‍රකාශන සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක තීන්දුව මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ ඒ. එම්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මණ්ඩලය විසින් ලබාදී ඇත.

ග්‍රන්ථයේ කර්තෘත්වය එහි සංස්කරණය සිදුකළ ධර්මා සමරනායකට හිමි බවට 2013 වසරේ වාණිජ මහාධිකරණය මගින් ලබාදී තිබූ තීන්දුවකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පනවා තිබූ නඩුවක තීරණය දෙමින් මෙම තීන්දුව ලබාදී ඇත.

ඒ අනුව ධර්මා සමරනායක විසින් සරසවි ප්‍රකාශන සමාගම වෙත රුපියල් 25000 ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසද අදාළ තීන්දුවේ දැක්වෙයි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment