දකුණු ආසියානු කරාතේ සම්මේලනයේ මුල් පුටුව සිසිර කුමාර මහතාට

116

2021-2025 කාලය දක්වා නිලධාරින් පත්කර ගැනීම වෙනුවෙන් දකුණු ආසියානු කරාතේ සම්මේලනයේ නිළවරනය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. එ් අනුව ලෝක කරාතේ සම්මේලනයේ සහ අසියානු කරාතේ සම්මේලනයේ සභාපති දෙපලගේ සහ නිළධාරින් මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවැති අදාළ නිළවරණ ඡුන්ද විමසීමේදී ඉදිරි වර්ෂ 2021/25 සදහා ශ‍්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ වත්මන් සභාපතිවරයා වන සිසිර කුමාර මහතා නැවතත් තේරි පත්විය.

නිළවරනයේදී අපේක්ෂකයන් ලෙස 1. සිසිර කුමාර මහතා 2. භරත් ෂර්මා මහතා 3. පුරේන්දු බික්රම් මහතා යන මහතුන් තිදෙනා නාමයෝජනා භාරදී තිබුණද නිලවරණයට ප‍්‍රථම පුරේන්දු බික්රම් මහතා (නේපාල) තරගයෙන් ඉවත් විය. ඒ අනුව සිසිර කුමාර (ශ‍්‍රී ලංක)  මහතා සහ භරත් ෂර්මා (ඉන්දීය) මහතා අතර ඡුන්ද විමසීම සිදු කරන ලදී. ඒ අනුව මුළු ජන්ද සංඛ්‍යාව වු 06 ක් වූ අතර එයින් එක් ජන්දය ප‍්‍රකාශ කර නොමැති අතර භරත් ෂර්මා මහතාට එක් ජන්දයක් ද සිසිර කුමාර මහතාට ජන්ද 04 ද හිමි විය.

මෙම නිළවරණය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික සම්මේලනයේ ගරු ලේකම්තුමා කිර්තී කුමාර මහතා සහ ජාත්‍යන්තර සම්බදන්ධීකාරක , ජාතික විනිසුරු කොමිසමේ ගරු සභාපතිතුමා අර්. ජේ ඇලෙක්සැන්ඩර් මහතා ද සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment