නිධන් සොයන ස්කෑනරයක් සමග වෛද්‍යවරයෙක් ඇතුළු තිදෙනෙක් වවුනියාවේදී අත්අඩංගුවට

51

නිධන් සෙවීම පිණිස භාවිතයට ගන්නා රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් සමග වෛද්‍යවරයෙකු ඇතුළුව තුන් දෙනෙක් වවුනියාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම වෛද්‍යවරයා වයස අවුරුදු 34 ක මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු වන අතර ඔහු විසින් ස්කෑනරය අලෙවි කිරීමට ගිය වවුනියාවේ පුද්ගලයින් දෙදෙනාද අත් අඩංගුවට පත් වී තිබේ.

ස්කෑනරය මිලට ගැනීමට ගොස් ඇත්තේ වවුනියාවේ වයස අවුරුදු 38 ක් හා අවුරුදු 36 ක පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා වවුනියාවේ මනිපුරම් හා කූමාංකුලම් යන ගම්මාන වල පදිංචිකරුවෝ වෙති.

මෙම ගනුදෙනුව සඳහා හාවිත කළ රුපියල් ලක්ෂ 125 ක් පමණ වටිනා අති සුඛෝපභෝගී වාහන දෙකක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මුලතිව් වවුනියාව හා කිළිනොච්චි යන පළාත් වල වළ දමා ඇති රත්තරන් හා මුදල් ගොඩ ගැනීමේ අපේක්ෂාවෙන් වවුනියාවේ පුද්ගලයින් දෙදෙනා මෙම ස්කෑනර් යන්ත්‍රය මිලට ගන්නට සූදානම් වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

වවුනියාව පොලිසිය මෙම සැකකරුවන් තුන් දෙනා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment