ජම්ප් මාස්ටර් පාඨමාලාව නිම කරයි

420

පැරෂූට් පාඨමාලාවල ඇති උසස්ම පාඨමාලාව වන ජම්ප් මාස්ටර් පාඨමාලාව සාර්ථකව නිමා කළ පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රථම නිලධාරියා ලෙස අභිෂේක ලැබීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල් එච්.ජී.එස්.එච්. කුමාර (75977) පසුගියදා සමත් විය.

ඔහු කුඩාඔය ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරෂූට් පුහුණු පාසලේදී මෙම පාඨමාලාව හදාරනු ලැබීය. පොලිස් විශේෂ කාර්ය බලකායේ ශාරීරික උපදේශකවරයකු ලෙස ද ඔහු කටයුතු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment