මහ බැංකුවේ නව අධිපතිධුරයට එරෙහිව තවත් පෙත්සම් දෙකක්

217


ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත් කරනු ලැබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබෙන බව චෝදනා කරමින් එම පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා හා එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මනුෂ නානායක්කාර මහතා විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂල මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ල ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්වරු නම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment