චාල්ස් රජුගේ පිළිකාව මුල් අවස්ථාවේ එකක් – රිෂි සුනක්

1592

තුන්වැනි චාල්ස් රජුට වැළඳී ඇති පිළිකාව මුල් අවස්ථාවේදී හඳුනාගත් එකක් බවට තමා විශ්වාස කරන බව එංගලන්ත අගමැති රිෂි සුනක් ඊයේ (06දා) බීබීසී ප්‍රවෘත්ති සේවයට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබේ. චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව දැනගැනීමෙන් පසු තමා කම්පනයට හා දුකට පත් වූ බව පවසා ඇති එංගලන්ත අගමැතිවරයා ඔහු ඉතා ඉක්මනින් සුවපත් වනු ඇතැයි විශ්වාස කරන බව සඳහන් කර තිබේ.

“අප සැමගේ ප්‍රාර්ථනාවන් මෙම අවස්ථාවේ චාල්ස් රජු සමගයි” අගමැතිවරයා සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment