කඩා වැටුණු පිටසක්වළ ගුවන් යානා කොටස්වලින් පෙන්ටගනය ආයුධ හදනවා-හිටපු ඔත්තු නිලධාරියෙක් හෙළි කරයි

6295

කඩා වැටුණු පිටසක්වළ ගුවන් යානාවල කොටස් යොදාගෙන ඇමෙරිකානු ආරක්ෂක අංශ ආයුධ සෑදීම සඳහා අත්හදා බලමින් සිටින බව හෙළිව තිබේ.

පෙන්ටගනය සතුව ‘මිනිස් නොවන සම්භවයක් ඇති’ පිටසක්වළ යානා කොටස් සහ උපකරණ විශාල ප්‍රමාණයක් ඇති බව හිටපු ඔත්තු සේවා නිලධාරි ඩේවිඩ් චාල්ස් ගෲෂ් ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ මෙය ඉතා රහසිගත මෙහෙයුමක් බවයි.

අවුරුදු 80 ක සිට අවි තරගයක යෙදී සිටින පෙන්ටගනය මෙම තොරතුරු ඇමෙරිකානු කොංග්‍රසයෙන් වසන් කර ඇති බව ඩේවිඩ් චාල්ස් පවසා ඇතැයි බි්‍රතාන්‍ය ඩේලිමේල් පුවත්පත වාර්තා කර තිබිණි.

හඳුනා නොගත් යානාවල ලෝහමය කොටස් ලෝකය පුරා දක්නට ඇතැයි පෙන්ටගනයේ ප්‍රධානියකු නාසා ආයතනයට ප්‍රථමවරට ප්‍රකාශ කිරීමෙන් දින කිහිපයකට පසුව හිටපු ඔත්තු සේවා නිලධාරියාගේ මේ හෙළිදරව්ව කරළියට පැමිණ ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment