යාපනය සරසවි සිසුවකු කඩුවකින් කපා මැරයෝ පලා යති

133

යාපනය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට කඩාවැදුණු මැරයින් පිරිසක් විශ්වවිද්‍යාල සිසුවකු කඩුවකින් කපා ඔහු නැවතී සිටි නේවාසිකාගාරයට ද හානි සිදු කොට 29දා පලා ගොස් තිබේ.

මෙම නේවාසිකාගාරය යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පිහිටා ඇති අතර මීට මාස දෙකකට පමණ පෙරද මෙම නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි සිසුන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබුණි. කඩුවෙන් කැපීම නිසා තුවාල ලැබූ විශ්වවිද්‍යාල සිසුවා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ. මහ දවල් මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි මැරයින් හතර දෙනකු විසින් මෙම ප්‍රහාරය එල්ල කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇතත් ප්‍රහාරය සඳහා පැමිණි මැරයින් මෙතෙක් හඳුනා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment