අත්‍යවශ්‍ය නඩත්තුවට නොරොච්චෝලේ 3 වැනි යන්ත්‍රය දින 100 කට නවතී

99

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ 3 වැනි යන්ත්‍රය අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා දින 100 කට පෙරේදා (29 දා) රාත්‍රි නතර කර ඇත.

මේ සඳහා චීන සහ දේශීය ඉංජිනේරුවන් ඇතුළු 400 ක පමණ පිරිසක් සහභාගි වන අතර යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතුවලට අවශ්‍ය අමතර කොටස්වලින් සියයට 70 ක් සපයාගෙන ඇතැයි උසස් නිලධාරියෙක් පැවසීය.

බලාගාරයේ ඉතිරි යන්ත්‍ර දෙක මගින් නිපදවන මෙගාවොට් 600 න් 540 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment