කෝටි 35ක බාල ඖෂධ විනාශ කරයි

213

වැරදි සැපයුම් කළමනාකරණය හේතුවෙන් රුපියල් මිලියන 349 ක් වටිනා (රුපියල් කෝටි 35 කට ආසන්න) වෛද්‍ය සැපයුම් පසුගිය වසරේ දී විනාශ කර ඇතැයි වාර්ෂික විගණන වාර්තාවෙන් හෙළිකර තිබේ.

ඖෂධ, රසායන ද්‍රව්‍ය ශල්‍ය අයිතම ඇතුළු සැපයුම් තොගයක් පසුගිය වසරේ දී මෙලෙස විනාශ කර ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම තවත් රුපියල් මිලිවන 33කට වැඩි වටිනාකමින් යුත් ඖෂධ තොගයක් ද භාවිතයෙන් ඉවත් කර තිබේ. විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබිය දීම රෝගීන් සඳහා ලබා දී තිබේ.

මේ අතර සෞඛ්‍ය සේවාව සඳහා වෙන් කළ ප්‍රතිපාදන රැසක් කළමනාකරණ දුර්වලතා හේතුවෙන් ඉතිරිව තිබීම ද ඇතැම් ආධාර මුදල් භාවිතයට ගැනීමට නිසි ලෙස ක්‍රියා නොකිරීම හේතුවෙන් නැවත හරවා යැවීමට ද සිදුව ඇති බවට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගෙන තිබූ කොවිඩ් මර්දන ‘ෆයිසර්’ එන්නත් මාත්‍රා හැත්තෑනව ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් කල් ඉකුත්වීම නිසා ගිය වසරේ විනාශ කර තිබෙන අතර ඒ සඳහා වැයකර තිබූ මුදල රුපියල් මිලියන දහසකට අධික ය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment