සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කරයි

1413

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.ඒ අනුව සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් 92 ලීටර් එකක මිල රුපියල් 20 ඉහළ දමා ඇත.එහි නව මිල රුපියල් 348කි.ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ.එහි නව මිල රුපියල් 375කි.ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහත දමා ඇත.එහි නව මිල රුපියල් 306කි.සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා තිබේ.එහි නව මිල රුපියල් 358කි.භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇත.එහි නව මිල රුපියල් 226කි.

advertistmentadvertistment
advertistmentadvertistment