පොහොට්ටු 25ක් සජබ හවුලකට- අශෝක් අබේසිංහ කියයි

208

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක දී, සමගි ජන බලවේගය සමග එක්ව තරග කිරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 25කට අධික පිරිසක් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

එම පිරිස පුද්ගලිකව සමගි ජන බලවේගයේ ප්‍රධාන නියෝජිතයන් සමග මේ වනවිටත් සාකච්ඡාවන්හි නිරත වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් සමගි ජන බලවේගය සමග කටයුතු කිරීමට මේ වනවිටත් එකඟතාව ඵල කර ඇතැයි ද කී ඒ මහතා ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම එහිදී සක්‍රීය ලෙසට කටයුතු කරන බව ද කීය.

එම කණ්ඩායමට අමතරව තවත් කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියේ දී සජබය සමග කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment