කතරගම අවසන් පෙරහැර හෙට

174

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහැර හෙට (03 වැනිදා) පැවැත්වේ.

පසුදින (04 වැනිදා) මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකර පෙරහැර නිමාවට පත්වේ.

වල්ලි දෙවඟන සහ ස්කන්ධ කුමරුන්ගේ සරණ මංගල්‍යය සනිටුහන් කිරීම මුල් කරගෙන කතරගම ඇසළ මංගල්‍යය පැවැත්වේ.

පසුගිය 19 වැනි දින කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්භ විය.

පෙරහැර ආරම්භ වූ දින සිට බැතිමතුන් ලක්ෂ 07 ක් පමණ කතරගම දේවාලය වන්දනා කර ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.

සුබ නැකත දැනි දැනී
පෙරහැර සිරිත ඇරඹුණි
කතරගම දෙවිඳුනි
රටට දෙනුමැන සිරි අසිරි මිණි
(අනුරාධ)

කතරගම – කේ. ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment