පැය 24 ට කරාපිටියෙන් කොරෝනා මරණ 12ක්

126

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ඉකුත් පැය 24 ක කාලය තුළදී කොවිඞ් ආසාදිත මරණ 12 ක් වාර්තා වී ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

 මින් කොවිඞ් ආසාදිත මරණ 07 ක්ම වාර්තා වී ඇත්තේ නිවෙස්වලදී වන අතර මිය යෑමෙන් පසුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණවලදී කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. රෝහලේ කොවිඞ් වාට්ටුවල ප‍්‍රතිකාර ලබමින් සිටි 05 දෙනකු මියගොස් ඇත. මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 08 දෙනකු හා කාන්තාවන් 04 දෙනකු සිටින බවද වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment