නල්ලතන්නියේ විරෝධයක්

735


අවාර සමයේ නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා වනජීවි අමාත්‍යාංශය මගින් ඉකුත් 04 වැනිදා සිට මුදල් අයකිරිමට විරෝධය දක්වමින් අද පෙරවරුවේ නල්ලතන්නිය වනජීවි කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම විරෝධතාවය නල්ලතන්නිය සංචාරක නිවාඩු නිකේතන හිමියන් විසින් සංවිධානය කර තිබූණි.
මහා සංඝරත්නය පෙරටු කරගත් උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස පංච තූර්ය වාදන මධ්‍යයේ නල්ලතන්නියේ සිට විරෝධතා පුවරු අතැතිව පා ගමනින් ශ්‍රීපාද මාර්ගයේ මකර තොරණ දක්වා ගමන් කර වනජීවි දෙපාර්තමේන්තුවේ කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment