ඩිල්ෂාන් – ඩිල්ෂාන් සුසංයෝගය  ශ්‍රී ලංකා  ලෙජන්ඩ්ස්  දිනවති

596

ටී. එම්. ඩිල්ෂාන්ගේ සහ ඩිල්ෂාන් මුණවීරගේ සුපිරි පිති ප්‍රහාරය සහ නුවන් කුලසේකරගේ පන්දු යැවීම හේතුවෙන් ඔස්ටේ්‍රලියානු ලෙජන්ඩ් කණ්ඩායම  සමගින් පැවැති තරගයෙන් ලකුණු 38ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සමත්විය. ඒ මෙවර රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කරමිනි.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 218ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්විය. ඊට ශතකයකින් දායකත්වය දැක්වූ ටී. එම්. ඩිල්ෂාන් පන්දු 56කදී ලකුණු 107ක් වාර්තා කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 14ක් සමගිනි. ඩිල්ෂාන් මුණවීර පන්දු 63කදී නොදැවී ලකුණු 95ක් රැස් කළ අතර ඊට හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් විය.

 ලකුණු හඹා ගිය ඔස්ටේ්‍රලියානු ඉනිම පන්දුවාර 18 කදී මුළු ලකුණු 180කට සියලු දෙනා දැවී ගියේය. සුපිරි පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර ලකුණු 36කට කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය. චතුරංග ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිඳ හෙළීය.

 ලකුණු සටහන

 ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 1ක් දැවී ලකුණු 218යි (ටී. එම්. ඩිල්ෂාන් 107, ඩිල්ෂාන් මුණවීර (නොදැවී) 95, බ්‍රෙට් ලී 45/1)

 ඔස්ටේ්‍රලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 18කදී සියලු දෙනා දැවී ලකුණු 180යි (ෂේන් වොට්සන් 39, කැමරන් වයිට් 30, නේතන් රේඩර්න් 46, නුවන් කුලසේකර 36/4,)

advertistmentadvertistment
advertistmentadvertistment