ෆේස්බුක් මිතුරෝ අපේ‍්‍රල් 3 සවස 3 ට රටම එක්ක පාරට  

467

ෆේස්බුක් මිතුරෝ නමැති සංවිධානයක් විසින් ‘‘ලබන 03 වැනිදා (ඉරිදා) හවස 3ට මුළු රටම පාරට බහිනවා’’ යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සටහන් තබා තිබේ.

එම සටහනේ මෙසේද සඳහන් වේ.

‘‘දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්ථානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියෙනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නේ නැහැ.

වෙන කරන්න දෙයක් නෑ. අපේ‍්‍රල් 3 හවස 3ට රටම පාරට බහිනවා. මේ වැඬේ සංවිධානය කරන්නේ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවේ අපිට තියෙන්නේ ජීවිතය ගැන ප‍්‍රශ්නයක්.

අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපි අනාගතය වෙනුවෙන් පාරට බහිමු.

හැමෝම පෝස්ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්. ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ෂයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ෂයකින් කරන වැඩක් නෙමෙයි. දන්න හැමෝම එක්කගෙන එන්න. දරුවන්වත් එක්ක ගෙන එන්න. තමන්ගේ අයිතීන් වෙනුවෙන් වැරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියාදෙන්න. අරගලයක් යනු වැරැුද්දක් නොවන වග කියාදෙන්න.

මොනා වුණත් අපේ‍්‍රල් 3 හවස 3ට මිනිස්සු පාරට බහිනවා. මිනිස්සු පාරට බහිනවට ආණ්ඩු බයයි. අපිට මේක විහිළුවක් වෙන තාක් කල් උන් මේක ගණන් ගන්නේ නැහැ. හොඳට මතක තියාගන්න අපේ‍්‍රල් 3 හවස 3ට…..!

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment