නිවසක සමගිය බිඳ දමන වාස්තු දෝෂ

86

සමගිය යන වචනයේ අරුත කොපමණද යන්න අවබෝධ කර ගැනීමට නම් අසමගිය ඇතිවිය යුතුයි. ලෝකයක් වශයෙන් ගත් කළ ලෝකයේ විවධ රටවල්, විවිධ ජාතීන් එක එක පැතිවලට බෙදෙමින් සමගිය බිඳ දමමින් කරන විනාශ නිසා ඒවායේ අයහපත් ප්‍රථිඵලවලින් විනාශ වන ජීවිත, දේපළ මොනතරම් විනාශ ද? ඒ බැව් අපට වර්තමානයේදී ඊශ්‍රායල් – හමාස් ගැටුම්වලින් දැකිය හැකිය. රටක් වශයෙන් ද අප අපේ රටේ යුද සමයේ විඳි අනන්තවත් දුක්, පීඩා කිසිදා අමතක කළ නොහැකිය. සමගිය නැති තැන සතුට, දියුණුව නොරැඳේ. ලැබෙන්නේ දුක, වේදනාව පිරිහීම පමණි. රටක් වශයෙන්, දේශයක් වශයෙන් අසමගියෙන් ජීවත්වීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අමුතුවෙන් කියා දීමට අවශ්‍ය නොවේ. එසේම අසමගිය තුළින් ජාතීන්, දේශයන් විනාශ වෙනවා නම් නිවසක් වශයෙන් ගෙදර අසමගිකම මොනතරම් මනුෂ්‍යයාව විනාශයට, දුකට, වේදනාවට පත් කරනවාද. බිරිඳට සැමියා අහිමිකර දෙමින්, සැමියාට බිරිඳ අහිමිකර දෙමින්, දරුවන් අහිමි කරමින්, දරුවන්ට දෙමාපියන් අහිමි කරමින් නිවසේ අසමගිය තුළින් එම නිවසේ ජීවිත, ධනය, වස්තුව විනාශ කරමින් දුක, වේදනාව, පිරිහීම ඇති කරන්නාවූ නිවසක සමගිය අහිමි කරන හේතු බොහෝ ඇතිවිය හැක.

  1. පූර්ව සංසාරවලදී කරන ලද අකුසල කර්මයන් බලවත් වීමෙන් විශේෂයෙන් සමගියෙන්, සතුටින් ජීවත් වූ පවුල්, අඹු සැමියන්, දරුවන් පූර්ව ආත්මවලදී භේද බින්න කරමින් විනාශය ළඟාකර දීමට දායක වූවන්ට මෙලොව ආත්මයේදී ඒවාට දඬුවම් විඳීමට සිදුවීම.
  2. බාහිර පාර්ශ්වයන්ගේ නොමනා හැසිරීම් රටාවන් නිසා, ඔවුන්ගේ ඇසුර නිසා හෝ එවැනි අය සමග ගැටීම් තුළින්.
  3. හොඳට නරකට දෙකට කටමය යන වචනයෙහි පරිදි කතා කළ හා කතා කරන දෑ නිසා ඒවා බොරු කටකතා කේළම් බවට පත්වීමෙන්
  4. සියලු කරුණුවලට වඩා කොපමණ පරිස්සමින් ජීවත් වුවද නිවසක පවතින වාස්තු දෝෂ බලවත් වීම තුළින් එම නිවසේ අසමගිය ඇතිවී නිවැසියන් එකිනෙකාට ඇනකොටා ගැනීම, රණ්ඩුසරුවල් වීම, අඹු සැමි භේද ඇතිවී පවුල් සීසීකඩ වීම ඔනෑ තරම් දැකිය හැක.

මෙම ලිපියේ මූලික අරමුණ වන්නේ නිවසක, භූමියක පවතින එවැනි වාස්තු දෝෂ මොනවාද යන්න පෙන්වා දීමටයි. මෙහිදී නිවස ඉදිකර තිබෙන භූමිය හා භූමියේ හැඩය ගැන සැලකිලිමත්වීම ඉතා වැදගත්ය. නිවස ඉදිකර තිබෙන භූමිය තුළින් නිවසට ඇදී එන විශ්ව ශක්තිය දුර්වලවීම දිගින් දිගටම සිදුවන විට, එහි තිබෙන නිවස කුමන ආකාරයෙන් වාස්තු විiාත්මකව පැවතිය ද ඇදී එන ශක්තීන්ගේ විපරිත භාවය හෙවත් අසමතුලිතතාවය එම නිවසටත්, නිවසේ වෙසෙන අයටත් බලවත්ව ප්‍රතිචාර දක්වයි.

● අසමගිකම ඇති කරන භූමි වර්ග

ත්‍රිකෝණ හැඩගත් භූමිවල සතුරු ප්‍රශ්න, අසමගිකම් නිතර සිදුවේ. ඒ වගේම සමහර භූමිවල මායිම් දික්වී, කෙටිවී, උල්වී නොයෙක් හැඩ ගනී. වාස්තු විiාවේ මේවා හැඳින්වෙන්නේ විෂම භූමි ලෙසයි. එවැනි විෂම භූමිවල පිහිටි නිවාසවල වෙසෙන අයට ද නිතර මත ගැටුම්, අසමගිකම්, නිවාස හැරදමා යන්නට සිත්දෙන තත්ත්වයන් නිර්මාණය වේ. තීරුවක් ලෙස පැවත, දෙපැත්ත පොරොව තලය මෙන් හැඩ ගන්නා භූමිය ධෘහන් භූමියක් ලෙසින් ද, එල් අකුරේ හැඩය ගන්නා පාර්ශුනාම භූමිවල ද පදිංචි නිවැසියන්ට අසමගිකම, නිතර මත ගැටුම්, කලකෝලාහල ඇති කරනු ලබයි.

● නිවෙස්වල පවතින දෝෂ

නිවසේ බ්‍රහ්මපාදය පීඩාවට පත්වීම, බ්‍රහ්මපාදය මත බිත්තියක්, කොන්ක්‍රීට් කණුවක්, පඩිපෙළ, යටලී බාල්ක, කුරුපා, කොන්ක්‍රීට් බීම්, සෘජුව බ්‍රහ්මපාදයට පතිත වීම ඇතිවී තිබෙන නිවාසවල අසමගිය ගැටුම් රණ්ඩු ඇති කරනු ලැබේ.

● වැරදි ආකාරයට තැබූ ද්වාර සටහන

ප්‍රධාන දොර තැබීමේදී සත්‍ය පාදය තුළ තැබීම භාෂ පාදය තුළ තැබීම එම නිවසේ නිවැසියන් අසමගියෙන් කල්ගෙවීමට හේතු දෙන කරුණු වන අතර ද්වාර සටහන ද නන්ද වර්ගයට එනම් නැගෙනහිරට හා දකුණට පැවතීම. උතුරට හා දකුණට ද්වාර සටහන පැවතීම රිපුද වර්ගයට ද, උතුරට හා බටහිරට ද්වාර පැවතීම නාශ වර්ගයට ද අයත්වේ. ඒ වගේම පදිංචි නිවසේ දොරවල් පැවතීම උතුරට හා නැගෙනහිර දිශාවට පැවැති විට එය උග්‍ර වර්ගය වශයෙන්ද යන ආකාරවලට දොරවල් පවතින නිවාසවල අඹු සැමි භේද අසමගිකම, රණ්ඩු සරුවල් නිතර ඇතිවී නිවසේ සමගිය සමාදානය නැතිවේ. සමගිය නොමැතිවීම යනු එම නිවැසියන් මානසික වශයෙන් ද ආර්ථික වශයෙන් ද පසුබෑමට ලක්ව දියුණුව ඇනසිටිනු ඇත. එම නිසා නිවසක දියුණුවට දරුවන්ගේ අභිවෘද්ධියට අවශ්‍යම දෙයකි, සමගිය.

● නිවසේ පවතින වේද දෝෂයන්

වේධ වීමක් යනුවෙන් හඳුන්වන්නේ බාධා වීමක්ය. නිවසක ප්‍රධාන ද්වාරය වේදයට පත්වන අවස්ථා 18 ක් පිළිබඳව වාස්තු විiාවේ පෙන්වාදී ඇති අතර මා විසින් මෙයට පෙර ලිපියකදී ඒවා පැහැදිලි කර ලිපියක් ඉදිරපත් කළෙමි.

බ්‍රහ්ම වේද දෝෂය හෙවත් නිවසක ඉදිරිපස බිත්තියේ හරි මැදින් බ්‍රහ්මපාදය දර්ශනය වන ආකාරයට ප්‍රධාන දොර පැවතීම හඳුන්වයි. එලෙසම මෙම ප්‍රධාන ද්වාරයට ඉදිරියෙන් තවත් නිවසක ප්‍රධාන දොරක් පැවතීම ද මෙම බ්‍රහ්ම වේද දෝෂයට හේතු දේ. එවැනි නිවාසවල අසමගිය උසස් අයගේ සම්බන්ධතා අහිමිවීම මත ගැටුම් ඇතිවේ.

දේවතා වේද දෝෂය යනු නිවස ඉදිරිපිට ප්‍රධාන දොර කෙළින් බුදු මැඳුරක්, දේව මැඳුරක්, පහන් කණුවක් තිබෙන විට (පහන් කණුව යනු ආගමික ශාස්තෘන් කෙනකු උදෙසා පහනක් දල්වන ස්ථානය) නිසා එහි පහන් ආලෝකය නිවස ඇතුළට වැටීමත් එම ආලෝකය භූමියේ සැරිසරන අමනුෂ්‍ය නොපෙනෙන බලවේගයන්ට නිවසට ඇතුළු වීමට මාර්ගයක් වන නිසා කල්ගත වීමේදී එම නිවස තුළ අමනුෂ්‍ය බලවේග ක්‍රියාකාරී වී නිවසේ සතුට, සමගිය විනාශ කර දමන්න හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමයි.

මෙයම සුසාන වේද දෝෂයේදී ද සිදුවේ. එනම් නිවස ඉදිරිපිට ප්‍රධාන දොරට කෙළින් ආදාහනාගරයක් මෘතාගාරයක්, සොහොනක්, සොහොන් බිමක් පැවතීමෙන් ඒවායේ සැරිසරන අශුභ ශක්තීන්, නොපෙනෙන ආත්මයන් නිවසට සංක්‍රමණය වී නිවසේ කටයුතු උඩු යටිකුරු කිරීමට පෙලඹීමයි. මෙමගින් නිවසේ සතුට, සාමය, විනාශ කර දමනු ඇත. තවත් මෙවැනි වේද දෝෂයකි

ගණිකා වේද දෝෂය. නිවස ඉදිරිපිට ප්‍රධාන දොරට අභිමුඛව ගණිකා නිවාසයක්, සම්බාහන :ීච්* ආයතන පැවතීම නොයෙක් ආකාරයෙන් නිවසේ සමගිය සතුට විනාශ කරන කරුණු වන්නේය.

මෙයට අමතරව කර්දර්ම වේද දෝෂය නිවස ඉදිරිපිට පාළු වළක්. පතලක්, තෙත් බිමක් පැවතීම, නිවසේ ප්‍රධාන දොරට අභිමුඛව කොන්ක්‍රීට් කණුවක් පැවතීම ස්තම්භ වේද දෝෂය ද, නිවස ඉදිරිපිට කැළි කසළ, කැසිකිළි වළවල්, කුණු කානු ආදී දේ පැවතීම නිසා ද නිවසේ සමගිය විනාශ වේ අසමගිය ඇතිවේ.

නිවසක සමගිය බිඳ දමන වාස්තු දෝෂ

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති, වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment