මාස තුනක් වසා තැබූ කැනියොන් බලාගාරයේ  විදුලි උත්පාදනය ඇරැඹේ

398

මාවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භූගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පුරා මාස තුනක් තිස්සේ විදුලි උත්පාදනය නතර කර තිබූ කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (31 දා) සිට ආරම්භ කළ බව එම විදුලි
බලාගාරයේ නිලධාරියෙක් පැවසීය.

එම උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජල විදුලි බලාගාරයට උමං මාර්ගය ඔස්සේ ජලය රැගෙන යෑම නතර කර මාවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව පුරා මාස තුනක් තිස්සේ විවෘත කර තිබුණි.

ඊයේ සිට එම සොරොව්ව යළිත් වසා දමා ඇති අතර කැනියොන් ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 60 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බව කැනියොන් ජල විදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසීය.

සමන්ති වීරසේකර සහ නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment