රජීව් ඝාතනය: සාන්තනුත් ශ්‍රී ලංකාවට ගෙන්වයි

125

ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටිය දී ඉන්දියානු අධිකරණය මගින් නිදහස් කළ සාන්තන් නැමැත්තා ලංකාවට රැගෙන ඒමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පියවර ගනිමින් ඇත.

සාන්තන් යාපනයේ පදිංචිකරුවකු වන අතර ඔහුගේ මව සහ සහෝදරයන් විසින් යාපනයේදී ඇමැතිවරයාගෙන් කළ ඉල්ලීම මත ඉන්දීය රජය සමග සාකච්ඡා කර ඔහු මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ඇමැතිවරයා සාන්තන්ගේ ඥාතීන්ට සඳහන් කර ඇත.

අධිකරණය මගින් නිදහස් කෙරුණු ඔහු දැනට රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය රෝහලක ප්‍රතිකාර ලබන බවට ඥාතීන් සඳහන් කර ඇත.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment