රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කෙරේ

74

ඉදිරි මාස දෙක තුන ඇතුළත ලංවිම, ලිට්‍රෝ සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

මේ වන විටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දියානු සහ චීන සමාගම් දෙකක් සුදුසුකම් ලබා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ද ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පනත මේ වන විට සකසා අවසන් කර තිබෙන අතර එම කටයුතු ද කඩිනමින් අවසන් කරන ලෙසට දැනුම් දී ඇත. මීට අමතරව ලාබ ලබන ලිට්‍රෝ සමාගමත් පුද්ගලික සමාගමකට ලබා දීමට සැලසුම් සකස් කොට ඇත.

ඒ අනුව රජය දැනට සිදුකරන ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වී දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන ගණනාවක් ඈවර කර දැමීමට ද නියමිතව ඇත.

අදාළ ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන් ඉක්මණින් ම අවසන් කරන ලෙසට රජය අදාළ කටයුතු භාර නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment