අලුත් තෙත් බිම් කලාප තුනක්

200

තෙත් බිම් කලාප තුනක් අලුතින් ප්‍රකාශයට පත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වභාවික රක්‍ෂිතය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය සහ යාපනය දිස්ත්‍රික්කයට අයත් චුන්ඩිකුලම් ජාතික උද්‍යානය මෙලෙස නව තෙත් බිම් ලෙස මෙම වසර තුළ නම් කිරීමට නියමිතය.

රැම්සාර් සම්මුතිය යටතේ මෙම තෙත් බිම් ප්‍රකාශයට පත්කරන බව වාරිමාර්ග, වනජීවී සහ වනසංරක්‍ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දැනට තෙත් බිම් කලාප හයක් ප්‍රකාශයට පත් කර ඇත.

බූන්දල ජාතික උද්‍යානය, මාදු ගඟ අභය භූමිය, ආනවිලුන්දාව අභය භූමිය, වාන්කලෙයි අභය භූමිය, කුමන කුඩින්බිගල තෙත් බිම් සමූහය සහ විල්පත්තුව අභය භූමිය එම තෙත් බිම් කලාප හය වේ.

තෙත් බිම් යනු ඉතා සාරවත් ඉහළ ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියකි. ඉන් ගංවතුර තර්ජන වැළැක්වීම, දූෂිත ජලය පවිත්‍ර කිරීම, ජලය ගබඩාකර පසුව මුදාහැරීම ඇතුළු විවිධ ස්වභාවික වෙනස්කම් රැසක් තෙත් බිම් හරහා සිදු වේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment