මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම තහවුරු කරයි

2862

පාතාල කල්ලි සාමාජිකයෙකු වන ,මන්නා රමේෂ්, නැමැත්තාව ඩුබායීහීදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම්දී ඇත.

ඒ අනුව ඔහුව මෙරටට ගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරටට යෑමට නියමිත බව වාර්තා වෙයි.

අවිස්සාවේල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට පොලිසිවලට අවශ්‍යව සිටි ,මන්නා රමේෂ්, නමැත්තා ඩුබායිහි සැඟව සිටින බව වාර්තා විය.

ඔහු මෙරටට භාරදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඩුබායි පොලීසියෙන් ඉල්ලීමක් කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment