ගෝඨා ලියූ පොත හෙට එළියට

401


,ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය, නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත කෘතිය හෙට එළිදැක්වීමට නියමිතය.

2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බව හිටපු ජනපති පවසයි.

,මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවකගේ සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයි, යනුවෙන් එහි පසු කවරයේ සඳහන් වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment