දෙවැනි තරගය විසඳුමකින් තොර වෙද්දී ශ්‍රී ලංකාවට තරගාවලි ජය

343

දකුණු අප්‍රිකා “ඒ” කණ්ඩායම සහ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සිව් දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (22 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ අනුව තරගාවලියේ ජයග්‍රහණය හිමි වූයේය.

මිනෝද් භානුක (130) සහ පසිඳු සූරියබණ්ඩාර (නොදැවී 113) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 263 ක කඩුලු සම්බන්ධතාව පෙරටු කොට පන්දුවාර 75 කදී ලකුණු 324 ක අභියෝගයක් අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට හිමි වූ අතර තරගය අවසන් වනවිට ඔවුහු කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් රැස්කර ගෙන සිටියහ.

පෙරේදා දිනයේ අර්ධ ශතක ලබා සිටි මිනෝද් භානුක සහ පසිඳු සූරියබණ්ඩාර දෙදෙනාම ඊයේ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර මිනෝද් භානුක මුහුණ දුන් 154 පන්දුවේදී ශතකය සම්පූර්ණ කර ගනිද්දී තමන් මුහුණ දුන් 129 වැනි පන්දුවේදී ශතකය වාර්තා කර ගැනීමට පසිඳු සමත් වූයේය.

දෙවැනි තරගය විසඳුමකින් තොර වෙද්දී ශ්‍රී ලංකාවට තරගාවලි ජය
තරගයේ වීරයා – පසිඳු සූරියබණ්ඩාර

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම පන්දුවාර 75.1 කදී සියලු දෙනා දැවී ලකුණු 290 යි

දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල පන්දුවාර 84.3 ක දී සියලු දෙනා දැවී ලකුණු 294 යි

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම පන්දුවාර 83.1ක දී කඩුලු 3 ක් දැවී ලකුණු 327 යි

advertistmentadvertistment
advertistmentadvertistment