ටෙලි සිනමා තරු පෑයූ සංහිඳ බක්මහ උළෙල

174

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලේ පදිමු රන් ඔන්චිල්ලා

බක්මහ ආරම්භ වෙන්න ඔන්න මෙන්න අපි ඉන්නේ. අවුරුද්දට මුළු රටම සූදානම් වෙන වෙලාවේ අවුරුදු සිරියෙන් ඇළළුණු අපූරු වැඩක් ගැන තමයි අපි මේ ඔයාලට කියන්න හදන්නේ. පසුගිය දවස්වල අපේ රටේ රිදී තිරය වගේම ටෙලි තිරය බැබල වූ නළු නිළියන් වගේම ප්‍රසංග වේදිකාවේදී ගායනයෙන් අපිව අමන්දානන්දයට පත්කළ ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් ඩුබායි රාජ්‍යයේ එටිසෙලාට් ඇකඩමි ලෙෂර් ක්ලබ් ක්‍රීඩාංගණයේදී තමයි මේ වැඩේ පැවැත්වුණේ.

ටෙලි සිනමා තරු පෑයූ සංහිඳ බක්මහ උළෙල

සංහිඳ බක්මහ අසිරිය ලෙසින් නම් කර තිබූ මේ බක්මහ උළෙලට අපේ රටේ ටෙලි සිනමා තරු වුණු ටීනා ෂනෙල්, උපේක්ෂා ස්වර්ණමාලී, නිරෝෂා තලගල, පියුමි හංසමාලී, රංගි රාජපක්ෂ වගේම මිහිරි සිරිතිලක, සංගීත් ප්‍රභූත් එකතු වුණා.

නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ සන්ෆලවර් සංගීතයට නොයෙල් රාජ්, මධුමාධව අරවින්ද, ඉඳුනිල් අන්දරමාන, දිමංක වෙල්ලාලගේ වගේම ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි වුණා. සංහිඳ බක්මහ අසිරිය සංවිධානය කළේ සංහිඳ ඉවෙන්ට් එන්ටර්ටේ්‍රන්ට්මන්ට් ආයතනයේ ප්‍රධාන සංවිධායක සම්පත් කුමාරසිංහ. ඒ වගේම වියානා අධිපති වියානා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා සේර සුන්දර ද සංහිඳ බක්මහ අසිරියේ ප්‍රධාන සංවිධායක ධුරය වගේම ප්‍රධාන අනුග්‍රාහකත්වයක් ලබාදුන්නා. මේ වැඩේට කථනයෙන් ජාතික රූපවාහිනියේ හිටපු ජනප්‍රිය නිවේදකයෙකු වුණු මහේෂ් නිශ්ශංක, දර්ශන ශ්‍රී, සමීර සිල්වා වගේම සම්පත් මංචනායක එකතු වුණා. ටෙලි සිනමා තරු වගේම ගායක ගායිකාවන්ගේ රැඟුම් වැයුම් වලින් වර්ණවත් වූ සංහිඳ බක්මහ අසිරියේ අපූර්වත්වය වගේම අලංකාර ලෙස මිනිස්සු අතරට ගෙන එන වැඩකටයුත්ත භාරවුණේ ඒ. එන්. එන්ටර්ටේ්‍රන්ට්මන්ට් ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂ අනිල් ප්‍රසංගටය. නළු නිළියන් විවිධ තරග ඉසව් ආරම්භ කළ අතර අලියාට ඇස තැබීමේ තරගය මිහිරි සිරිතිලකගේ ආරම්භයෙන් සිදුවිය. මිහිර අලියාට ඇස තබන ගමන් මේ වැඩේට නිවේදනයෙන් අපූරු හැඩයක් එකතු කළ ඒ. එන්. එන්ටර්ටේ්‍රන්ට්මන්ට් ආයතනයේ අනිල් සමග පැවසුවේ ඩුබායි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙය වෙනස්ම අත්දැකීමක් බවයි. ඔය අතරේ අපේ රටේ ජනප්‍රිය නිළියක් වුණු ටීනා ෂනෙල් සංහිඳ බක්මහ අසිරිය ගැන ඒ. එන්. එන්ටර්ටේ්‍රන්ට්මන්ට් නිර්මාණ අධ්‍යක්ෂ අනිල් අප සමග පැවසුවේ අපිට ආරාධනා කළ සැමට ස්තූතිවෙන ගමන් ඩුබායි හි සිටින ශ්‍රී ලාංකිකයනයන්ට වෙනස්ම අත්දැකීමක් ලබාදුන් බවයි. මම සල්ලිවලට වඩා උපයා ගත්තේ මිනිස්සුන්ගේ ආදරය. ඒ ආදරය මට වටිනවා.

ටෙලි සිනමා තරු පෑයූ සංහිඳ බක්මහ උළෙල
ටෙලි සිනමා තරු පෑයූ සංහිඳ බක්මහ උළෙල
ටෙලි සිනමා තරු පෑයූ සංහිඳ බක්මහ උළෙල

මමත් කුවේට්වල ඉපදිලා හැදුණු වැඩුණු කෙනෙක්. අද මෙතැනට ඇවිල්ලා ඉන්න සියලුම දෙනාගේ අත්දැකීම් මම සියයට දෙසීයකින් දන්නවා. මම මගේ ජීවිත කාලයම ඒ අත්දැකීම් වින්දා. ඒ හැඟීමට පුංචි හරි හේතුවක් වෙන්න මට පුළුවන් වෙච්ච එක ඇත්තටම සතුටුයි යැයි උපේක්ෂා ස්වර්ණමාලී පැවසුවාය.

ටෙලි සිනමා තරු පෑයූ සංහිඳ බක්මහ උළෙල

ඩුබායි රාජ්‍යයේ වෙසෙන ලාංකිකයන්ට අපූරු අත්දැකීම් ටිකක් එකතු කරන්න අපේ රටේ නළු නිළියන් පිරිස අමතක කළේ නැහැ. කොට්ට පොර තරග, කඹ ඇදීම් තරඟ, රටවටා දිවීමේ තරග වගේම නේක විධ තරගවලට සමාරම්භය සනිටුහන් කළේ අපේ රටේ නළු නිළියන් වූ සංගීත් ප්‍රභූ, මිහිර සිරිතිලක වගේම උපේක්ෂා ස්වර්ණමාලී, ටීනා ෂනෙල් විසිනි. ඇත්තටම ඔවුන් සමග පැමිණ සිටි පිරිසට නිවේදන කාර්යයෙන් නැවුම් අත්දැකීම් ගොන්නක් එකතු කරන්න ඒ. එන්. එන්ටර්ටේ්‍රන්ට්මන්ට් ආයතනයේ නිර්මාණ අධ්‍යක්ෂ අනිල් ප්‍රසංග අමතක කළේ නැහැ. ඔය අතරේ එදා ජාතික රූපවාහිනිය හරහා ඔබේ ආලින්දයට සිහිනයකි රෑ වැඩසටහන ඉදිරිපත් කළ මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංකත් මෙය තවත් අලංකාරවත් කළා.

ටෙලි සිනමා තරු පෑයූ සංහිඳ බක්මහ උළෙල

නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment