අවුරුදු තුනක ඉඳලා තනිකඩයි – හේෂාන් මනුල

215

හේෂාන්ට ‘තත්පරයක් දෙන්න.

මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන “හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යයේ “සිහින” ගේ චරිතය තුළිනුත්” ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වන “තත්පරයක් දෙන්න” ටෙලි නාට්‍යයේ “ඩොක්ටර් මිලී”ගේ චරිතය තුළිනුත් ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනා ගන්නට වාසනාවන්ත වූ නිරූපණ ක්ෂේත්‍රයේ ද මනා දස්කම් දක්වන හේෂාන් මනුල සමග කළ කතාබහකි මේ.

මේ දවස්වල මොනවද අලුත් වැඩකටයුතු?

සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන “තත්පරයක් දෙන්න” ටෙලි නාට්‍යය පසුගියදා පටන් ගත්තා ITN නාලිකාවේ. ඒක වෙනස්ම විදියේ ටෙලි නාට්‍යයක්. මාව වුණත් කොටු කරලා තිබුණා ගොඩක් මෙගා ටෙලි නාට්‍යවල රඟපාන කෙනෙක් විදියට. නමුත් මේ “තත්පරයක් දෙන්න” ටෙලි නාට්‍යයේ “ඩොක්ටර් මිලී”ගේ චරිතය හාත්පසින්ම වෙනස් චරිතක්. ශලනි තාරකා එක්ක තමයි මම රඟපාන්නේ. මගේ වෙනමම රංගන කුසලතාවයක් පෙන්නන්න පුළුවන් නාට්‍යයක් ඒක. ඊට අමතරව සිරස නාලිකාවේ විකාශනය වන “ හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යයේ “සිහින” ගේ චරිතයත් එක්කත් දිගටම වැඩ කරනවා.

අවුරුදු තුනක ඉඳලා තනිකඩයි - හේෂාන් මනුල

තත්පරයක් දෙන්න ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණේ කොහොමද?

ඇත්තටම මීට කලින් ධනුෂ්ක රේමන්ගේ “රේස්” ටෙලි නාට්‍යයේ මම රඟපෑවා. ඉතින් ඔහු තමයි අධ්‍යක්ෂක සුපුන් රත්නායක මේ චරිතයට කෙනෙක් හොයද්දී මගේ නම යෝජනා කරලා තිබුණේ. ඊට පස්සේ මට එන්න කියලා ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරලා තමයි මේ චරිතයට මාව තෝරා ගත්තේ.

හේෂාන්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණ “චරිතය” මොකක්ද කියලා මම ඇහුවොත්?

මම මේ ක්ෂේත්‍රයට සෑහෙන කලින් ආපු කෙනෙක් “දළදා ගමනය” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන දන්ත කුමාරයාගේ චරිතය කරාට පස්සේ මම ටෙලිනාට්‍යවල සහ චිත්‍රපටවල රඟපාන එක නැවැත්තුවා. මොකද මට පොඩ්ඩක් නිරූපණය පැත්ත තව වැඩිදියුණු කරගන්න ඕනෑවුණා. එහෙම ටික කාලයක් නිහඬව හිටියා. කොහොමත් මම ජීවිතේ වැඩිය කාර්යබහුල වෙන්න අකමැති පුද්ගලයෙක්. ඉතින් එහෙම ඉන්නකොට මගේ මිතුරියක් වන සෙනාලි ෆොන්සේකා හරහා තමයි “රේස්” ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක රේමන්ට මාව යෝජනා කරලා තිබුණේ. ඉතින් මම හිතනවා ඒක තමයි මගේ දෙවැනි ගමනේ පළමු හැරවුම් ලක්ෂ්‍යය. ඊට පස්සෙ තව තවත් මිනිස්සු අතරට යන්න” හිත් දිනාගන්න “සිහිනගේ” චරිතයට පුළුවන් වුණා. ඒකට මම ස්තූතිවන්ත වෙන්න ඕනේ මහේෂ් රත්සර මද්දුම ආරච්චි මහත්මයාගේ දුවට. එයා තමයි “හිතළඟ හිනැහුණා” ටෙලි නාට්‍යයට මගේ නම යෝජනා කරලා තිබුණේ. ඒ චරිත දෙක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වන්නේ. ඇත්තටම කාන්තාවන් දෙන්නෙක් තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයට යන්න මට උදව් කළේ.

අවුරුදු තුනක ඉඳලා තනිකඩයි - හේෂාන් මනුල

‘හිත ළඟ හිනැහුණා. ටෙලිනාට්‍යයේ ‘සිහින.ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සිහිනට නම් පුදුම විදිහට ප්‍රතිචාර ලැබෙනවා. ඒ චරිතයට මම සම්බන්ධ වුණෙත් මඟදී. අධ්‍යක්ෂක ප්‍රදීප් අයියාත් කියන්නේ” එහෙම මෑතකදී මුහුණු දෙක මාරු කරලා” එකම චරිතේ මාරු කරලා සාර්ථක වෙච්ච චරිතයක් කරනවා නම් ඒ අපේ ‘සිහින.ගේ චරිතය කියලා. ඒ වගේම ඒක හරිම අමාරු වැඩක් කියලා සහ චරිතයට මම ලොකු සාධාරණයක් කරනවා කියලා තිර රචක මහේෂ් අයියගෙන් අහගන්න ලැබෙනවා කියන්නෙම මට සම්මානයක් ලැබුණා වගේ දෙයක්. ඇත්තටම “සිහිනට. වයස් භේදයක් නැතුව හැමෝම ආදරේ කරනවා. හේෂාන් මනුල කියන නමට වඩා ගොඩක් අය දන්නෙ මාව “සිහින” කියන නමින්.

හේෂාන් සැබෑ ජීවිතයෙත් “සිහින” වගේම අහිංසකයි ද?

සිහින කියන්නේ” ගොඩක්ම අහිංසක චරිතයක් නෙවෙයි. අවශ්‍ය වෙලාවෙදි ක්‍රියාත්මක වන චරිතයක්. එහෙම චරිතයක් තමයි මමත්. මම ආශ්‍රය කරපු අයගෙන් ලැබුණු ගුරුහරුකම් එක්ක මම හදාගත්ත විනයක් එක්ක මම සාමාන්‍යයෙන් තීරණයක් ගනිද්දි හදිස්සි වෙන්නේ නැහැ. හොඳට හිතලා බලලා තමයි තීරණ ගන්නේ. ඒ දෙයින් මට හොඳ වාසි ලැබිලා තියෙනවා. ඉතින් සිහිනත් ඒ වගේ චරිතයක්. සිහිනගේ චරිතය මගේ සාමාන්‍ය ජීවිතයට සෑහෙන්න ළඟයි.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපණ ශිල්පියෙක් ලෙසින් නේද?

ඔව්. හැබැයි මම රඟපාන්න බලාගෙන නෙවෙයි මොඩ්ලින් කළේ. ගොඩක් අය නළුවෙක් වෙන්න එන්න පාලම විදියට දාගන්නෙ මොඩ්ලින්. මම ඒකයි රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා” චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරලා ආයේ මොඩ්ලින්වලට ගියෙත්. මොඩ්ලින්වල මේ ගෙවෙන්නේ මගේ 14 වෙනි අවුරුද්ද. ඒ ආපු ගමන ගැන බලපුවාම ඉරෝෂ් බාලසූරිය කියන මොඩ්ලින් කෝඩිනේටර් තමයි මම මුලින්ම ගිහිල්ලා මුණ ගැහුණේ. ඊට පසුව රොසෑන් ඩයස් මහත්මිය ළඟට ගියා මම මොඩ්ලින් හදාරන්න. එතුමිය මාව යොමු කරනවා මොඩ්ලින් ෆීල්ඩ් එකේ ඊට වැඩිය දැනඋගත් කෝඩිනේටර් බ්‍රයන් ක්‍රේව්වෝන් ළඟට. අදටත් අවුරුදු ගාණක් තිස්සේ මගේ මැනේජර් එයා. ඒ ලැබුණු විශේෂ අවස්ථාවන් තමයි ඉන්දියාවේ විතරක් විකාශනය වන වෙළෙඳ දැන්වීම්වලට වගේම මෙරට කරපු පෙප්සි ඇඩ් එකටත් මාව ඉන්දියාවට ගෙන්වලා රෑගත කිරීම් කිරීම. ඉතිං ඒ වගේ විශාල අවස්ථාව මට ලැබිලා තියෙනවා.

නිරූපණ ක්ෂේත්‍රය සහ රංගන ක්ෂේත්‍රය අතර සමානාත්මතාවයක් තියෙනවද?

සෑහෙන වෙනසක් තියෙනවා. ගොඩක් අය හිතනවා පැජන්ට් එකක් කරලා මොඩ්ලින්වලට එන්න පුළුවන් නැත්නම් රඟපාන්න පුළුවන් කියලා. නමුත් විශ්වාස කරන්න මම අදටත් ලංකාවේ කිසිම පැජන්ට් එකක් කරලා නැති එකම එක්කෙනා කියලා කියන්න පුළුවන්. රංගනයෙත්” නිරූපණයත් හොඳ තැනකට එන්න පැජන්ට් කරන්න ඕනම නැහැ. මොඩ්ලින් හදාරලා ආපු කෙනෙක්ට ටෙලිනාට්‍යයකට එද්දි ඒක අමතර සුදුසුකමකුත් වෙනවා. හැබැයි මම ඒක එහෙම නෙවෙයි කියලා පුළුවන් තරම් ඔප්පු කරන්න තමයි උත්සාහ කරන්නේ.

මේ වන විට ඔබ ආදරවන්තයෙක්ද?

නැහැ. දැන් අවුරුදු තුනක් විතර ඉඳන් මම තනිකඩයි.

කඩවසම් තරුණයෙක් විදියට ඔබ ආදරය දකින්නේ කොහොමද?

මගේ ආකල්පය මෙහෙමයි” අනිත් කෙනාට ආදරේ දෙනව නම් දෙන්න ඕනි පැලෙන්න. එහෙම බැරි නම් පැත්තකට වෙලා ඉන්න ඕනෙ කියන තැන තමයි මම ඉන්නේ. මම කැමතියි මගේ පාට්නර් නිදහසේ ඉන්නවට. හැබැයි ගොඩක් අය ඒක දකින්නේ ඒගොල්ලො ගැන වැඩි අවධානයක් දෙන්නේ නෑ කියලා වගේ එකක්. ඉතිං ඒක හරියට එයාලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මගේ පාට්නර් මට හොඳ යාළුවෙක් වෙන්නත් ඕනේ. එතකොට තමයි ආදරේ සෑහෙන්න විඳින්න පුළුවන් වෙන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment