යුක්තියෙන් අහිමිවූ මත්ද්‍ර්‍ය වෙනුවට අයුක්තියෙන් අධිවේදනා නාශක මිලට අරන්

226


ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිල මුද්‍රා වලට සමාන නිල මුද්‍රා ව්‍යාජ ලෙස සාදා එම නිල මුද්‍රා භාවිතා කර ඖෂධ සල් වලින් අධි වේදනා නාශක ඖෂධ මිලදීගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් බෙම්මුල්ල පොලිසිය විසින් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙමුල පොලිස් වසමේ කොරසේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 34 වු අවිවාහක පුද්ගලයන් දෙදෙනෙකි.

සැකකරුවන් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වුවන් වන අතර යුක්තිය මෙහෙයුම හමුවේ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකිව මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment