ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය මාලිමා ආණ්ඩුවක් යටතේ

58

ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න

ඔබ කාගේත් තිබෙන බලාපොරොත්තුව වසර 76 ක් දූෂිත දේශපාලනය පරද්දලා නව ජනතාවාදී දේශපාලනයක් මේ රටේ බිහිකර ගන්න. මේ 2024 කියන්නේ ලංකාවේ ඓතිහාසික වසරක්. අපි කවුරුත් පිළිගන්නවා විශේෂයෙන් කාන්තාවන් රට තුළත් ලෝකය තුළත් ආර්ථික ක්‍රියාවලිය තුළ සමාජයීයවත් ගෘහය තුළ පෞද්ගලිකවත් විශාල වැඩ කොටසක් කරනවා. කාන්තාව විමුක්තිය ඉල්ලනවා නම් ඒ විමුක්තියේ තිඹිරිගෙය නිර්මාණය වෙලා තිබෙන්නේ ජාතික ජනබලවේගය තුළයි. ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

ලංකා ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය වාර්තා වන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ. දූෂිතයෝ පැත්තකට දාලා ගැහැනු පිරිමි එකතුවෙලා මේ රට හදමු යැයිද ඔහු කීය.

ඉතිහාසයේ බලවේග සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග විදිහට බණ්ඩාරනායක මහත්තයලා එකතු කළා. අද ඒ බලවේග නැහැ. ඒ බලවේගවල හොඳම ගුණය අවංකකම, එකතුවෙලා ඉන්නවා. පූජ්‍ය පක්ෂය එකතුවී මහා සඟ සමුළු පවත්වනවා. ගොවියෝ දැවැන්ත බලවේග ලෙසත් ඒ වගේම ධීවරයාත් විවිධ ක්‍ෂේත්‍රවල ඉන්න කම්කරුවෝත් ගුරුවරු, වෛiවරු එකතු කරමින් මේ වගේ සමුළු පැවැත්වෙනවා. ජාතික ජනබලවේගයේ නීතිඥයෝ සංවිධානය පිහිටුවා තිබෙනවා. ව්‍යපාරිකයෝ වගේම ත්‍රීවිලර් එකමුතුවක් පිහිටුවමින් තිබෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ගොඩනඟා තිබෙනවා. තව ටික දිනකින් ජාතික ජනබලවේගයේ පොලිස් සාමූහිකයත් පිහිටුවනවා. දැවැන්ත ව්‍යාපාරයක් වන සමෘද්ධි ව්‍යාපාරය මූලික කරගෙන සමෘද්ධි සාමූහිකය ගොඩනඟමින් යනවා. ජාතික ව්‍යාපාරයක් හැටියට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිදු බේදයක් නැතිව සියලු බලවේග එකතු කරමින් ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ නව පුනරුදයක් ගොඩනැඟීමට මේ වගේ කාන්තාවන් පෙරමුණටම ගෙන යනවා” යැයිද ඔහු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment