ජනපතිට යන්න කියන පෙත්සමට  ඕමල්පේ හිමියෝත් අත්සන් කරති

233

ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ගාල්ලේ ‘ගෝඨාගෝගම’ ලෙස නම්කර ගත් අරගල භූමියේ ක්‍රියාත්මක හැත්තෑලක්ෂයේ මහජන පෙත්සමට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ද අත්සන් කළහ.

අරගල භූමියට වැඩම කළ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙකී මහජන පෙත්සමට අත්සන් තැබීමෙන් පසු අරගලභූමියේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට ආශිර්වාද කළහ. මෙම පෙත්සමට මහජන අත්සන් ලක්‍ෂ 70ක් ගැනීම සංවිධායකයන්ගේ ඉලක්කය වී තිබේ.

ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment