ජනපති මුක්තියෙන් රනිල් ගැලවුණත් ඡන්දෙට බාධා කරන නිලධාරීන්ට උසාවි යන්න සිදුවේවි

104

මැතිවරණය පවත්වන්න බාධා කළොත්, ඒ නියෝග, විධාන පිළිපදින්නේ නැතිව හිටියොත්, ඒ කෙනාට අධිකරණයෙන් දඬුවම් කරන්න පුළුවන්. ඒ නිසා නිලධාරීන්ට අපි අනතුරු අඟවනවා රනිල්ගේ ලණු කන්න එපා. රනිල් වික්‍රමසිංහ හිරේ යන එකක් නෑ. එයාට මුක්තිය තියෙනවා. ජනාධිපති හිරේ යවන්න බෑ, හැබැයි අනෙක් කට්ටියට උසාවි යන්න වෙනවා. ඡන්දයට බාධා කිරීම සම්බන්ධයෙන් කරුණු කියන්න වෙනවා. එතකොට රස්සාව එහෙම නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපේ රටේ වගකිව යුතු නිලධාරීන් කළ යුත්තේ මහජනතාවගේ ඡන්දයට බාධා කරන එක නෙමෙයි, ඒක තියන්න ඉඩ සලසන එක යැයි ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජාතික ජන බලවේගය සංවිධානය කළ ‘එක්වෙමු- දිනවමු, විසඳුම මාලිමාව’ යන මැයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එප්පාවල නගරයේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුවක් පෙරේදා (14 දා) පැවැත්විණි.

ජනපති මුක්තියෙන් රනිල් ගැලවුණත් ඡන්දෙට බාධා කරන නිලධාරීන්ට උසාවි යන්න සිදුවේවි

එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා,

“අපි ඡන්ද ගොඩක් කරලා තියෙනවා. කවදාවත් ඡන්දයට මෙහෙම වෙලා නෑ. ඡන්දයක් තියන්න තීන්දු කළාම ඡන්දය තියනවා. මේ පාර ඡන්දයට බාධා කරනවා ආණ්ඩුව සහ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයෙක් රටකට ඕන ව්‍යවස්ථාව රකින්න. ව්‍යවස්ථාවේ තියෙන එකක් තමයි ඡන්දය. දැන් රජයේ මුද්‍රණාලය කියනවා තැපැල් ඡන්ද පත්‍රිකා සල්ලි දුන්නේ නැත්නම් මුද්‍රණය කරන්නේ නෑ කියලා.

මේ ඡන්දය නවත්වන්න ආණ්ඩුව දරණ උත්සාහය මොකක් වුණත් අනිවාර්යෙන්ම දිනන්න අපි වැඩ කරන්න ඕන. අපේ රටේ නීතිය අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන කොට ඒ මැතිවරණය පවත්වන්න බාධා කළොත්, ඒකෙ නියෝග, විධාන පිළිපදින්නේ නැතිව හිටියොත්, ඒ කෙනාට අධිකරණයෙන් දඬුවම් කරන්න පුළුවන්. අධිකරණයෙන් හිරේ යවන්න පුළුවන් වරදක්, මේ මැතිවරණ කටයුතුවලට බාධා කිරීම. ඒ නිසා නිලධාරීන්ට අපි අනතුරු අඟවනවා, රනිල්ගේ ලණු කන්න එපා. රනිල් වික්‍රමසිංහ හිරේ යන එකක් නෑ, එයාට මුක්තිය තියෙනවා. ජනාධිපති හිරේ යවන්න බෑ. රනිල්ව උසාවි ගේන්න බැරි නිසා රනිල්ලා ගැලවිලා ඉඳිවී. හැබැයි අනෙක් කට්ටියට උසාවි යන්න වෙනවා. ඡන්දයට බාධා කිරීම සම්බන්ධයෙන් කරුණු කියන්න වෙනවා. එතකොට රස්සාව එහෙම නැති වෙන්න පුළුවන්කම තියෙනවා. රනිල් එන්නේ නෑ බේරා ගන්න. ඒ නිසා අපේ රටේ වගකිව යුතු නිලධාරීන් කළ යුත්තේ මහජනතාවගේ ඡන්දයට බාධා කරන එක නෙමෙයි, ඒක තියන්න ඉඩ සලසන එක.

එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා –

“මැතිවරණ කොමිසමට ඡන්ද පත්‍රිකා අච්චු ගහලා දෙන්න බෑ කියලා මුද්‍රණාලයාධිපතිනිය කියනවාලු. ඊයේ දවසේ රනිල් වික්‍රමසිංහ ගෙදරට ගෙනල්ලා, උදේ ඉඳන් හවස් වෙනකල් ගෙදර තියාගෙන ඉඳලා, රජයේ මුද්‍රණාලයේ ප්‍රධානී මුද්‍රණාලයාධිපතිනියගේ මොළය හෝදලා එතුමිය ලව්වා ලියුමක් ගස්සනවා අත්පිට මුදලට පමණයි ඡන්ද පත්‍රිකා අච්චු ගහන්නේ කියලා. අපි අහනවා මීට කලින් තිබුණ මොන ඡන්දෙටද අත්පිට මුදලට ඡන්ද පත්‍රිකා අච්චු ගැහුවේ කියලා. එක ඡන්දෙකටවත් එහෙම කරලා නෑ. ඡන්ද පත්‍රිකා අච්චු ගැහුවට පස්සේ තමයි ආණ්ඩුව සල්ලි ගෙවන්නේ ආයතනවලට. ඒ නිසා මේ මැතිවරණයට විතරක් මොකක්ද විශේෂත්වය. වෙන කිසිවක් නෙමෙයි, රනිල්ලා රාජපක්ෂලා ගෙදර යවන නෙමෙයි හිරේ යවන ගමන ඉක්මන් කරන මැතිවරණය තමයි 09 වැනිදා එන්නේ. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අති විශාල ජනතාවක් සහභාගී වී සිටියහ.

තිසර සමල් – අනුරාධපුර

advertistmentadvertistment
advertistmentadvertistment