‘ජනාධිපති සමාව’ ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි – පුබුදු ජයගොඩ

286

අධිකරණයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට සමාව දීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව ඇති වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉවත් කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (26 දා) පැවසීය.

රන්ජන් රාමනායක මහතා පිළිබඳ ප්‍රශ්නය වෙනම විසඳාගත යුතුව ඇතැයි ද ඔහු කීවේය. අධිකරණයට අපහාස කිරීමේ නීතිය මෙතෙක් කලක් යොදාගෙන ඇත්තේ ද දේශපාලනික වශයෙන් යැයි ද හෙතෙම කීවේය.

“රංජන්ව හිරේ දාලා එක සැරයක් සෙල්ලමක් පෙන්නුවා. දැන් ඔහුව නිදහස් කරලා තව සෙල්ලමක් පෙන්නනවා” යැයි ද ඔහු පැවසීය. මෙම සමාව දීම හරහා රන්ජන් රාමනායක ද පරීක්ෂාවට ලක්වන්නේ යැයි ද ඔහු එළියට පැමිණ කරන දේශපාලනය හරහා ඉදිරියේදී එය තහවුරු වනු ඇතැයි ද ජයගොඩ මහතා පැවසීය. අරගල කළ පිරිස් පිටින් හිරේ දමමින් සිටින ආණ්ඩුව එක් අයකු නිදහස් කර තමන් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කීමට උත්සාහ කරන මුත් එය ජනතාව පිළිගන්නේ නැතැයි ද ජයගොඩ මහතා පැවසීය. ඊයේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව කීවේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment