එකක් ඩොලර් 10-15 වූ  කොවිඩ් එන්නත් මිලියන 8ක් ලබන මාසයේ කල් පනිනවා – කින්ස් නෙල්සන්

127

වැඩිපුර ගෙන්නුවේ නෑ ජනතා උනන්දුව මදි – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

එකක් ඩොලර් 10ත් 15ත් අතර මුදලකට මිල දී ගෙන ඇති කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මිලියන 08ක් ලබන මාසයේ දී කල් ඉකුත් වන බව විපක්ෂ මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) සඳහන් කළේය.

මෙලෙස වැඩිපුර එන්නත් ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීමට අවසර දුන්නේ කවරකු ද සහ එම කල් ඉකුත්වීමට ආසන්න එන්නත්වලට ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේය.

මෙම එන්නත් ලබන මාසය වන විට ජනතාවට ලබා දී අවසන් කළ නොහැකි බව කී ඒ මහතා ඒවා නිසි පරිදි ගබඩා කර ඇද්දැයි ප්‍රශ්න කර සිටියේය.

මෙම එන්නත් ආනයනය කර ඇත්තේ සංගණනයකින් බවත් ජනතාව ඒවා ලබා ගැනීමට යොමු විය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ද මෙම එන්නත් ලබා දීම සඳහා ප්‍රචාරාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊට පිළිතුරු ලබා දෙමින් කීය.

වැඩිපුර එන්නත් ගෙන්වා නොමැති නමුත් ජනතාව එන්නත් ලබා ගැනීමට උනන්දුවක් නොදක්වන බැවින් ලබන ඔක්තෝම්බර් මාසය වන විට එම එන්නත් කල් ඉකුත් වන බව ද ඇමැතිවරයා පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment