Bureau Veritas ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට උසස්ම තත්ත්වයේ ක්‍රමාංකන සේවා සැපයීම අරඹයි

79

වාණිජමය විද්‍යාගාර පරීක්ෂණ ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛයෙකුවන Bureau Veritas ආයතනයට අනුබද්ධිත Bureau Veritas Consumer Products Services Lanka පුද්ගලික සමාගම සතු අති නවීන විද්‍යාගාරය හරහා ක්‍රමාංකන සේවා (calibration services) සැපයීමේ පහසුකම් ආරම්භ කරන බව සමාගම පසුගියදා නිවේදනය කළේය.

අංක 270, දෙහිවල පාර, බෙල්ලන්විල යන ස්ථානයේ පිහිටි සමාගමේ විද්‍යාගාරය මගින් මෙම නිරවද්‍ය ක්‍රමාංකන සේවාව ලබාගත හැක.

විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවලට අයත් දෙස් විදෙස් සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාතික මට්ටමේ ක්‍රමාංකන සේවා පහසුකම් ලබාගැනීම දීර්ඝකාලීන අඩුපාඩුවක්ව පැවති අතර මෙම නව සේවාව තුළින් එම අඩුපාඩුව මඟහැරීයාම විශේෂත්වයකි. තවද Dimensional metrology” mass and volumetric Metrology සහ temperature metrology යනුවෙන් ප්‍රධාන ක්‍රමාංකන සේවා නිර්මිත කොටස් තුනක් පවතින අතර මෙම ක්‍රමාංකන සේවා නිර්මිතවලට ISO 17025(2017 යටතේ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment