ව්‍යාපාරිකයාගේ ගිණුමෙන් කෝටියක් ඇද්ද 8ක් රිමාන්ඩ්

247

දෙදෙනෙක් යුක්රේන ජාතිකයෝ
තිදෙනෙක් සරසවි සිසුහු

පසුගිය 24 වැනිදා රාත්‍රී කාලයේ පැය තුනක කාලයක් ඇතුළතදී ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු. නමින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන බැංකු ගිණුමකට පරිගණක තාක්‍ෂණය ඔස්සේ රහසිගතව ප්‍රවිශ්ට වී එහි තැන්පත් කර තිබූ රුපියල් එක්කෝටි තිස්හත් ලක්‍ෂයකට අධික මුදලක් වංචනික ලෙස ඉවත්කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ යුක්රේන ජාතිකයන් දෙදෙනකු, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු ඇතුළු අටදෙනකු ලබන 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (30දා) නියෝග කළේය.

එකී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ පස්වන සැකකරු ඇපමත මුදාහැරීමට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. එම සැකකරුවන් අතරින් බහුතරයක් එකී වංචාවට සම්බන්ධ නොවූ අය බවත් ඔවුන් සිදුකර ඇත්තේ වයි හෑන්ස් ඇප් භාවිතයෙන් යූ. එස්. ඩී. මුදල් වර්ගය අලෙවි කිරීම පමණක් බවත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්හ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment