රිවස්ටන්හි ආකර්ෂණීය පරිසරය තුළින් පා ගමන ක්‍රොස් වින්ඩ්ස් ඇඩ්වෙන්චස්, ශ්‍රී ලංකා ටුවරිසම් සමගින් සංවිධානය කරන අභියෝගාත්මක පා ගමන

52

අවදානම හඹා යන පරිසර ලෝලීන් සඳහාම සංවිධානය කරනු ලබන මෙම අභියෝගාත්මක පා ගමන කෙරෙහි දැනටමත් මෙය විනෝදාංශයක් කර ගත් බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇත.

ශ්‍රී ලංකා ටුවරිසම් සමගින් සංධානගතව කෙරෙන මෙම ක්‍රියාවලිය පා ගමන් අභියෝගයක් පමණක් නොවේ.

මෙම පාගමනට සහභාගි වන්නන් 2023 ඔක්තෝබර 28 සහ 29 දින තුළ රිවස්ටන් හි නොඉඳුල් පරිසරයෙන් ගමන් ආරම්භ කර දන්කන්ද වැවෙහි සුන්දර පරිසරය වෙත පැමිණෙනු ඇත.

මෙම අත්දැකීම නොඉඳුල් ය. වින්දනය සහ අභියෝගාත්මක ගමන් පථයන් තරණය කිරීමේ සංකලනයකි. රිවස්ටන් පරිසරයේ ආත්මීය හරය උකහා ගැනීමට හැකි වන ලෙස යෝජිත ගමන් මාර්ගය කල්පනාකාරීව තෝරාගෙන ඇත. මෙහිදී හරිත තෘණ භූමි, කුඩා අඩි පාරවල් මෙන්ම විහිදී ගිය වනාන්තර මූල පද්ධති සහිත ගමන් පථ තුළින් ඇවිදිමින් අභියෝගාත්මක ගමනක් යෑමට ඔබට සිදුවනු ඇත. මේ සියල්ලට වඩා ඔබගේ ශාරීරික හැකියාවන් සහ මානසික ඒකාග්‍රතාවට අභියෝග කළහැකි ආනති සහිත කඳු තරණයටද ඔබට මුහුණ දීමට සිදු වේ. සමස්තයක් ලෙස මෙම පාගමන ස්වභාවධර්මයාගේ නොඉඳුල් සුන්දරත්වයේ සහ ප්‍රමෝදාත්මක අභියෝගයන්ගේ උසස් සංකලනයක් වනු ඇත.

රිවස්ටන්හි ආකර්ෂණීය පරිසරය තුළින් පා ගමන ක්‍රොස් වින්ඩ්ස් ඇඩ්වෙන්චස්, ශ්‍රී ලංකා ටුවරිසම් සමගින් සංවිධානය කරන අභියෝගාත්මක පා ගමන

මෙම පාගමනේ අන්තර්ගතය පවතිනුයේ එය තුළමය. ගමනේ සෑම කොටසක්ම, සෑම වංගුවක්ම ක්‍රොස්වින්ඩ්ස් හි අධ්‍යාත්මය සමග අනුනාද වෙයි. එනම් ස්වභාවධර්මයාට අප තුළ ඇති ගැඹුරු වූ ගෞරවය සහ මනුෂ්‍යයා තුළ වූ හඹා යෑමේ උත්සාහයේ සංකලනයයි යනුවෙන් ක්‍රොස්වින්ඩ්ස් හි ප්‍රධාන විධායක නිලධාරි සහ කාර්ය අධ්‍යක්ෂ දීප්ති පෙරේරා මහතා මහත් උද්යෝගයකින් පැවසීය. මෙම පා ගමනේ ඔබගේ තෘප්තිය එහි ගමනාන්තයට වඩා උසස් බවද එම හැඟීමට මෙම පා ගමන සාක්ෂි දරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

කණ්ඩායම් 25 කට බෙදා ඇති 75 කට අධික වූ අවදානම හඹා යෑමට කැමති පරිසර ලෝලීන්ගේ මෙම උත්සාහයට ශ්‍රී ලාංකික ක්‍රීඩා දින දර්ශනයේ පමණක් නොව ජාත්‍යන්තර අවදානම් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයද ලැබෙමින් පවතී.

මෙම ගවේෂණය පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට හෝ සහභාගි වීමට කැමැත්තක් දක්වන අයට ක්‍රොස්වින්ඩ්ස්හි නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ගමන සඳහා සහභාගි වීමට අවශ්‍ය උපදෙස්, සූදානම් විය යුතු අයුරු, ගමන් මග, ආදිය අඩංගු විස්තර ලබාගත හැක. කෙමෙන් දිනෙන් දින ගෙවෙමින් ආරම්භක දිනය ළඟා වෙමින් පවතින මෙම කාලය තුළ ඒ පිළිබඳ උනන්දුවද වැඩි වෙමින් පවතින අතර ශ්‍රී ලංකාවේ අවදානාත්මක ක්‍රීඩාවන්ගේ ඉතිහාසයේ මෙම දිනය ස්ථිර ලෙස සනිටුහන් වනු ඇත.

වැඩි විස්තර සඳහා https://www.crosswinds.lk වෙත යොමු වෙන්න.

advertistmentadvertistment
advertistmentadvertistment