සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් පාසල් ගාස්තු සහ ලිපි ද්‍රව්‍ය සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම

61
ඉයුජීන් සෙනෙවිරත්න නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) සෙලාන් බැංකුව

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත්, පාසල් ගාස්තු ගෙවීම සහ පිළිගත් පොත්හල් වෙතින් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී තිබේ.

දෙමාපියන් සහ භාරකරුවන් වෙත පැවරෙන ආර්ථික පීඩනය අවම කරමින්, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම පහසු කරවීම මෙහි අරමුණ වී ඇත.

“අධ්‍යාපනය තුළින් දරුවන්ගේ ජීවිත පූර්ණ පරිවර්තනයකට ලක් කළ හැකි බව අප විශ්වාස කරනවා. එම නිසා, හුදෙක් මූල්‍ය විසඳුමක් ලෙස නොව, දරුවන්ගේ සිහින සැබෑ කිරීමට අප දක්වන උනන්දුව හා කැපවීම සංකේතවත් කරන පියවරක් ලෙස මෙම පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න මහතා පැවසී ය.

මෙම දීමනාව යටතේ ඕනෑම ගනුදෙනුවක් මාස 12 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කළ හැකි අතර, ඒ සඳහා ගනුදෙනුකරුවන් කළ යුතු වන්නේ, අදාළ ගනුදෙනුව සිදුකර රාජකාරි දින 7 ක් ඇතුළත 011-2008888 අංකය අමතා ඒ බව දැනුම් දීම පමණි. ගනුදෙනුවල අවම සීමාව රු, 10,000 ක් වන අතර උපරිමය රු. මිලියනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment