ඖෂධ නියාමන අධිකාරිය භාණ්ඩාගාර අනුමැතිය නැතිව කෝටි 3 1/2ක දීමනා ගෙවලා

104

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව අධිකාරියේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුබද්ධ කාර්යමණ්ඩල සඳහා ඉකුත් මාස 13ට (2022 මැයි සිට 2023 අප්‍රේල් දක්වා) විශේෂ දීමනා හා පැමිණිමේ දීමනා ලෙස රුපියල් තුන්කෝටි හතලිස් අටලක්ෂ විසිපන්දහස් හයසිය හතළිස් පහක මුදලක් (34,825,645) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

විශේෂ දීමනා ලෙස රුපියල් දෙකෝටි හැට හතර ලක්ෂ අනූ අටදහස් හයසිය හතළිස්පහක මුදලක් (26,498,645) ද පැමිණීමේ දීමනා ලෙස රුපියල් අසූතුන්ලක්ෂ, විසිහත් දහසක (8,327,000) මුදලක් ද ගෙවා තිබූ බව විගණනය මගින් අනාවරණය කර ඇත.

මේ පිළිබඳ ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ නිලධාරීන්ගේ සේවක තෘප්තිය ඇති කිරීම

මගින් නිලධාරීන් අධිකාරිය තුළ රඳවා ගැනීම සඳහා විශේෂ දීමනාවක් ලබා දීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බවය. අධිකාරියේ පනතට අනුව සේවා නියුක්තයන් සඳහා ගෙවිය යුතු පාරිශ්‍රමිකය, නියම කිරීමට හා කාර්යමණ්ඩල සුභසාධන හා සමාජ ආරක්ෂණ යෝජනාක්‍රම පිහිටුවා දායකත්වය ලබාදිය හැකි බව ද කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment