ෆින් ඇලන්ගෙන් හයේ පහර වාර්තාවක්

556

පන්දු වාර 20යි 20 ජාත්‍යන්තර ඉනිමකදී පිතිකරුවකු එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමට නවසීලන්තයේ ෆින් ඇලන් සමත් වූයේය.

පකිස්ථානයට එරෙහිව පැවැති තුන්වන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී ඔහු හයේ පහර 16 ක් එල්ල කරමින් එම දස්කම දැක්වීය. ඊට පෙර හයේ පහර 16 ක් එල්ල කර තිබුණේ ඇෆ්ඝනිස්ථානයේ හස්රතුල්ලාහ් සසායි විසිනි.

මෙම ඉනිමේදී ෆින් ඇලන් පන්දු 62 කින් ලකුණු 137 ක් වාර්තා කළ අතර එම ලකුණු සංඛ්‍යාව නවසීලන්තය වෙනුවෙන් පන්දුවාර විස්සයි විස්ස තරගයකදී පිතිකරුවකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය. එම තරගයෙන් ද නවසීලන්තය ලකුණු 45 ක ජයක් වාර්තා කළ අතර ඒ අනුව තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම (3-0) ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment