මැතිව්ස් සහ රාජිත උඩට එයි

383

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (25 වැනිදා) නිකුත් කරන ලද නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව අනුව ස්ථාන කිහිපයක් ඉහළට ඒමට ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රාජිත සමත්වී තිබේ. ක්‍රියාත්මක බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් මෙම ක්‍රීඩක ලැයිස්තුවේ උඩට ඒමට මැතිව්ස්ට සහ රාජිතට හැකියාව ලැබී තිබේ.

 බංග්ලාදේශය සමගින් පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 199ක් රැස් කිරීමට සමත්වූ ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ස්ථාන 5ක් උඩට පැමිණ තිබේ. ඒ අනුව ටෙස්ට් පිතිකරු ලැයිස්තුවේ 21 වැනි ස්ථානයේ රැඳීමට ඇන්ජලෝ මැතිව්ස් මේ වනවිට සමත්ව තිබේ.

 මේ අතර බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ කසුන් රාජිත ස්ථාන 14ක් ඉදිරියට එමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 61 වැනි ස්ථානයට පැමිණ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment